මගහැරැණු මාවත


එලියට බැස්ස මම පාඑ පාර දිගේ හිමිං හිමිං ඇව්දගෙන ගියෙමි. කැලෑව මැදින් වැටී තිබූ පාර දැන් තීරණය ළග මා නවතා ඇත. හංදිය ළග මම නැවතී බැරිය, ඉදිරියට යා යුතුය. එහෙත් මට ගත හැක්කේ එක මාවතක් පමණි. මන්ද, මම අපි නොවන හෙයිනි.

එක පාරක වත් මිනිසෙකු ළගකදී ගමන් කළ ළකුණක් පෙනෙන්නට නැත. වේලුණු කොළ පාර පුරා ඒමේ විසිර විස්තර වසං කර ඇත. නැවතී මා ඉදිරියේ වූ පළමු ම‍ගෙහි පෙනෙන තෙක් මානය දෙස බැලුවෙමි. කැලැවේ ඈතට ඇදී ගොස් හැරී එය නොපෙනී යයි. දෙවන මග දෙසත් විපරමින් බැලූ මම එයද පළමුව හා සමානම බව දුටිමි. එකක ටික දුරක් ඇවිද ආපසු විත් අනෙක ගන්නට වෙලා නැත, මන්ද එක මාවතක අවසානය මා තවත් මාවතක් වෙතටද එය තවත් එකකටද බැදී මා අව්වේකී වන බැවිනි.

පළමු මාවතේ වෙන දිනයක ඇවිදින අදහසින් මා දෙවැන්නේ යන්නට තීරණය කළෙමි. වෙන දිනයක් ලැබේදැයි ම සිත සැක පහළ කළත් දෙවන මග දිගේ මම ඇවිද ගියෙමි.
ඇතැම් විට බොහෝ කාලයකට පසු මම සුසුමක් නගමින් මෙසේ කියනු ඇත.



අතීතයේ දවසක මා කැලැව මැදින් වැටී තිබූ බොගෝ දෙනා ගමන් නොගත් මග යාමට ගත් තීරණය අද මා මෙහි නවතා ඇත!

වැස්ස

අඑතෙන් ආපු ළමයින්ට රැග් කරන්න ගිහිං මේ දවස් වල අපේ කැමිපස් එකට නිවාඩු. අපි ගෙදර. පටං ගත්ත ගමම්ම වහපු නිසා පාඩං නරන්නත් දෙයක් එතරම්ම නෑ. මට වැඩ නැති වුණාට ගෙදර අයට හෝ ගාල වැඩ. උස්ස් පෙළ ළග නිසා නංගිත් කතාවට අල්ලගන්න බෑ. හදිසියෙ ගෙදර ආපු මට දැං නං යන්න හිතිල ඉන්නෙ.
මේ දවස් වල වහින වැස්ස නිසා එළියට ගිහිං එන්නත් කම්මැලියි. එලියට ගියත් අනිත් යාඑවන්ට කැමිපස් නිසා රස්තියාදුවෙ යන්නත් කෙනෙක් නෑ.
කොහොම හරි වැස්සට පිං සිද්ද වෙන්න විෂය නිර්දේශයෙ තිබුණු පොත් ටික කරන්න වෙන දෙයක් නැති කමටම කියවල ඉවර කළා.
ඉතිං මට මෙහෙම හිතුන. දවසක් හරි ගෙදරට වෙලා ඉන්න වාසනාව හැමෝටම නෑ. ඒ නිසා ලැබුණු නිවාඩුව හොදයි...



ඇයි අහස
අදත් උදේ අදුරැ ක‍ළේ ?
මගේ කෝපි කෝප්පයෙ
රස වැඩි කරන්නද?

තව කාලෙකට ඔබ බලන්න මට එන්න බෑ

මොනකරමි සතුටින් කාලය ගෙවිල ගියත්, මම වැඩියෙන්ම ආදරය කරන අය ලංකාව දාල පිටවෙලා නොපෙනී යනකොට ආයෙ ඒ අය කවද දකින්න ලැබෙයිද හිතනකොට, මේ ඇත්තක්ම නේද?



යාම හොදය, ගොස් ඊමද හොදය
ගියොත් ආපසු එන්නට
බැරිය....
ආවිට ආපසු යන්නට
බැරිය...
ලොව ඇත්තේ යාම් සහ
ඊම් පමණි!

මළගිය ඇත්තෝ -

මගේ තීරණය


අඑත් දවසක්,
කොයි තරම් ලස්සන උදෑසනක් ද?
හැම ගහකම මල් පිපිල,
පිපුණු මල් වල සුවද සමනලයින්ට කතා කරනවද?
මල් පෙති සිනිදුයි, සුදුයි, ලස්සනයි...
මල් රේණු පින්නෙන් නෑව්ලා,
ආ...!!! මලක් උඩ තවත් මලක්?
ලස්සනයි දුරට, හරිම ලස්සනයි...
නපුර හැංගී බලා ඉන්න හැටි
නොපෙනුනේ ඇයි මට?

මගේ ඇසින් - "බ්ලොග්"


විවේකය ඇති වෙලාවට තමන්ගෙ සටහන්, නිර්මාණ හැමෝම එක්ක බෙදා හදා ගන්න බ්ලොග් එකක් කරගෙන යන එක සතුටක්. ඒත් cover කරන්න literature syllabus එහෙමම ඉතුරැ වෙලා තියෙද්දි, campus කලබල මැද්දෙ, බ්ලොග් හදන්න, සිංහල typing පුරැදු වෙන්න කියන එක දුකක් ම තමයි.... සමාවෙලා ලකුණු දෙන්න සර්...

ගමන




ඇරඹුම
අවසන අතර
හිඩස පිරවූ
අරමුණ...

ආයුබෝවන් !


මම කැමති දේ ඔබත් රසවිද බලන්න, ඔබත් අකමැතිම නොවේවි...