මගහැරැණු මාවත


එලියට බැස්ස මම පාඑ පාර දිගේ හිමිං හිමිං ඇව්දගෙන ගියෙමි. කැලෑව මැදින් වැටී තිබූ පාර දැන් තීරණය ළග මා නවතා ඇත. හංදිය ළග මම නැවතී බැරිය, ඉදිරියට යා යුතුය. එහෙත් මට ගත හැක්කේ එක මාවතක් පමණි. මන්ද, මම අපි නොවන හෙයිනි.

එක පාරක වත් මිනිසෙකු ළගකදී ගමන් කළ ළකුණක් පෙනෙන්නට නැත. වේලුණු කොළ පාර පුරා ඒමේ විසිර විස්තර වසං කර ඇත. නැවතී මා ඉදිරියේ වූ පළමු ම‍ගෙහි පෙනෙන තෙක් මානය දෙස බැලුවෙමි. කැලැවේ ඈතට ඇදී ගොස් හැරී එය නොපෙනී යයි. දෙවන මග දෙසත් විපරමින් බැලූ මම එයද පළමුව හා සමානම බව දුටිමි. එකක ටික දුරක් ඇවිද ආපසු විත් අනෙක ගන්නට වෙලා නැත, මන්ද එක මාවතක අවසානය මා තවත් මාවතක් වෙතටද එය තවත් එකකටද බැදී මා අව්වේකී වන බැවිනි.

පළමු මාවතේ වෙන දිනයක ඇවිදින අදහසින් මා දෙවැන්නේ යන්නට තීරණය කළෙමි. වෙන දිනයක් ලැබේදැයි ම සිත සැක පහළ කළත් දෙවන මග දිගේ මම ඇවිද ගියෙමි.
ඇතැම් විට බොහෝ කාලයකට පසු මම සුසුමක් නගමින් මෙසේ කියනු ඇත.



අතීතයේ දවසක මා කැලැව මැදින් වැටී තිබූ බොගෝ දෙනා ගමන් නොගත් මග යාමට ගත් තීරණය අද මා මෙහි නවතා ඇත!

0 comments:

Post a Comment