පුදුම පුෂ්පය, රිදී කදු දෙවඟන සහ දිනයිලා - The Stone Flower

අපි කවුරැත් පුංචි කාලෙ ඉදලම සුරංගනා කතාන්දරවලට හරිම කැමතියි. මීට අවුරැදු හත අටකට කලින් රෑපවාහිනියේ විකාශය වුණු ටයි මාමා හඩකැවූ සුරංගනා කතන්දර බලන්න අපි කවුරැත් ආසාවෙන් හිටියා. “සූත්තර කිටී”, “හිම කුමාරි”, “යෝධ බෝංචි වැල”, “ගෙඹි කුමාරයා” කතා අපි ආදරයෙන් රස වින්දා.

කරදරේ වැටෙන අපිව බේරගන්න සූත්තර කිටී ආවෙ නැතත්, නපුරැ පිසාචය විශ්වයේ ඈත කොනකට පා කර අරින්න හිම කුමාරි නැති වුණත්, ගෙඹ් කුමාරයා ලස්සන කරන්න හාදුවක් විතරක් මදි බවත් අපි කවුරැත් දන්නවා වුණත්, සුරංගනා කතන්දර වල තිබුණු ඒ ලස්සන ලෝකය, ඒ චරිත, වයසින් නාකි ආචිචිලා සීයලා වුණත් ලොකු නොවුණු අපේ පුංචි හිත් වල තාමත් නොමැකෙන ලෙස සටහන් වෙලා තියනවා.

නිවාඩුවට ගෙදර නොගිහිං බෝඩිමේ නතරවෙලා ඉන්න අතරෙ මම පුංචි කාලෙ ආසාවෙන් කියවපු “ලස්සන වසලිස්සා” සුරංගනා කතා පොතේ තිබුණු කතාවක් මගේ සටහනට එකතු කරන්නට හිතුනා...


බොහෝම ඉස්සර කාලෙක යූරල් කදුවැටිය පාමුල තිබුණු කුඩා ගමක පෝර්කෝවිච් නමි දක්ෂ කැටයම් කරුවෙක් ජීවත් වුණා. පෝර්කෝවිච්ගේ කැටයම් ඒ පළාතේ තිබෙන හොදම කැටයම් බව කවුරැත් පිළිගත්තා.ඔහුගේ කැටයම් කොපමණ අලංකාරද කීවොත්, ඔහු නිර්මාණය කළ ජේඩි මල් වලින් සුවද විහිදුණා. කැටයම් කළ ව්යාග්රයින්ට කුඩා ළමයි බය වුණා. පෝර්කෝවිච්ගේ කැටයම් ගැන පැහැදුණු රජතුමා තමන්ගේ කැටයම් කලාව ගෝලයන් කිහිප දෙනෙකුටද උගන්වන ලෙස පෝරිකෝවිච්ට අණ කළා.ඒත් කැටයම් කලාව ඉගෙන ගන්න පැමිණි එකම ගෝලයෙක්වත් ඊට දක්ෂ වුණේ නෑ.

පොර්කෝවිච් ජීවත් වූ නගරයේ දිනයිලා නම් අනාථ දරුවෙක් ජීවත් වුණා.ඔහු හරිම කෙසග දරුවෙක්. ශරීර ශකිතිය දුර්වල නිසාම ඔහුට රක්ෂාවක් සොයාගැනීමටද අපහසු වුණා. ඒත් දිනායිලාගේ ලෝකය හීන වලින් පිරිලා තිබුණා. දිනායිලා පරිසරය ගැන, ගස්වැල් ගැන පුදුම වුණා. උසට වැඩුණු දේවදාර ගස්වල සෙවනැලි නපුරැ සොල්දාදුවන් බවත්, ක්රිසැන්තිමම් මල් උඩට වැටුණු පිණි කැට දියමන්ති බවත් සිතුවා. පරිසරයට ඔහු ආශා කළා. පරිසරයේ හැම දෙයක්ම අපූරැ මායා බලයකින් මවා ඇතිබවට දිනයිලා විශ්වාස කළා.

දවසක් එක් එඪේරෙක් ඔහුගේ බැටලුවන් බලාගන්නට උදව් වන ලෙස දිනයිලාට යෝජනා කළා. එඪේරාත් සමග බැටලුවන් බලාගැනීමට ගිය දිනයිලාගේ බටනලා හඩ අසා එඪේරා නින්දට වැටුණා. එඪේරාට නින්දගිය නිසා ඔහුගේ බැටලුවන්ව වෘකයින්ට හසුවුණා. කොපයට පත් එඪේරා දිනයිලාට පහර දුන්නා. එක් මහලු කරුණාවන්ත ගැහැනියක් ඔහු ගැන අනුකම්පාවෙන් දිනයිලාව ඇයගේ නිවසට ගෙන ගියා.

ඇය කැලෑවෙන් සොයාගත් දුර්භ පැළෑට් වලින් බෙහෙත් සාදා දිනයිලාට ප්රතිකාර කළා. කරැණාවන්ත මහලු කාන්තාව දිනයිලාට කැලෑව ගැන, ගස්වැල් ගැන කියා දුන්නා. වනාන්තරයට එපිටින් ඇති රිදී කදු ශිඛරයේ ජීවත්වන රිදී කදු දෙවගන ගැන කතාන්දර ද ඇය දිනයිලාට කියා දුන්නා. රිදී කදු මුදුනේ අරැම පුදුම ගලින් නිමවූ පුෂ්පයක් ඇති බවත් එය මුලු ලෝකයේම ඇති අලංකාරම පුෂ්පය බවත් එය දෑසින් දකින කිසිවෙක් එතැන් පටන් සතුටින් ජීවත් නොවන බවත් මහලු කාන්තාව පැවසුවා. ටික කලකින් මහලු කාන්තාවගේ උපකාරය නිසා දිනයිලාට ඉක්මන් සුව ලැබුණා.

සුවය ලැබුණු දිනයිලා පෝරිකෝවිච් සමග කැටයම් නිර්මාණයට එකතුවීමට තීරණය කළා. දිනයිලා පෝර්කෝවිචි ගෙන් කැටයම් කලාව ඉතාමත් ආසාවෙන් උනන්දුවෙන් ඉගෙන ගත්තා. දිනයිලාගේ කැටයම් නිර්මාණයේ දක්ෂතාවය ගැන පෝර්කෝවිච් පුදුම වුණා.බොහෝ කාලයකට කලින් පෝර්කෝවිච්ගේ බිරිද මය ගිය නිසා පෝර්කෝවිච් ජීවත් වුණේ තනියෙන්. ඔහුට දරැවන්ද නොසිටි නිසා දිනයිලා තමන්ගේ දරැවෙක් ලෙස තමන් ළග තබා ගන්නට පෝර්කෝවිචි තීරණය කළා.
කාලය ටිකෙන් ටික ගෙවී ගියා. දිනයිලා කඩවසම් ශක්තිමත් තරැණයෙක් බවට පත් වුණා.
දිනක් සාර් රජතුමා පෝරිකෝවිච්ට තමාට අලංකාර ජේඩ් පළගානක් නිර්මාණය කර දෙන ලෙසට අණ කළා. පෝර්කෝවිච් පළගානේ ආකෘතිය දිනයිලාට දී කැටයම් කරන ලෙස බාර කළා. දිනයිලා කැලෑවට ගොස් ගස්වැල්, මල්,කුරැල්ලන් ගැන විපරමින් බැලුවා, තමා පරිසරයේ දුටු සුන්දරත්වය කැටයම් වල එලෙසින්ම නිර්මාණය කරන්නට උත්සාහ කළා. ඇත්ත මල්පෙතිවල මෙළෙක, පයින් කොළ වල තියුණු බව එලෙසින්ම කැටයම් කරන්න දිනයිලා වෙහෙසුනා. අවසානයේ දිනයිලා ඉතා දක්ෂ ලෙස පළගාන නිර්මාණය කර අවසන් කළා.
දිනයිලාගේ නිර්මාණය ගැන කවුරැත් පැහැදුණා. හැම දෙනාම නිර්මාණය අගය කළත් දිනයිලා ට එහි අඩුවක් ඇති බව හැගුණා.
නිර්මාණය කොතරම් උසස් වුවත් එහි වූ කුරැල්ලන්, මල් වැල් ස්වභාවික නොවන බව දිනයිලා පැවසුවා.
එසේ නොසිතන ලෙසත් එසේ සිතුවහොත් රිදී කදු දෙවගනගේ ගේ සේවකයෙක් වනු ඇනි බවත් එක් මහලු කැටයම් කරැවෙක් දිනයිලාට අනතුරැ ඇගෙව්වා. රිදී කදු දෙවගනගේ සේවකයන් ලෙස ජීවත් වන කැටයම් කරැවන් පමණක් එතරම් ස්වභාවික කැටයම් නිර්මාණය කරන බවත්, අපගේ නිර්මාණ ඔවුන්ගේ නිර්මාණත් සමග සැසදිය නොහැකි බවත්, රිදී කදු මුදුනේ ජිවත් වන ඔවුන් අරැම පුදුම පුෂ්පය දැක ඇති නිසා ඔවුන්ගේ නිර්මාණ එතරම් උසස් වන බවත් ඔහු දිනයිලාට පැහැදිලි කළා.
කාලය ගෙවී ගියා. දිනයිලා කාට්යා නම් ඉතිමත් ලස්සන තරැණිය සමග විවාහ ගිවිසගැනීමට සූදානම් වුණා. සුන්දර කාට්යාට දිනයිලා ආදරය කළා.



ඒත් රිදී කදු මුදුනේ වූ අරැම පුදුම පුෂ්පය දකින ආසාව දිනයිලාගේ හිතින් අයින් වුණේ නැහැ. දවසක් දිනයිලා කැලෑවේ ඇවිදිමින් සිටින සේද මෙන් සිනිදු කටහඩින් කවුරැන්හෝ තමාට කතා කරන බව ඇසුණා.

“ දිනයිලා! අලංකාර කැටයම් කරැවා...

ඔබ සොයන් දේ ඇත්තේ රිදී කදු මුදුනේයි”

“එහි යන්න...

අරැම පුදුම පුෂ්පය දකින්න එහි යන්න”

දිනයිලා හැමතැනම සෙව්වත් කටහඩ කාගේදැයි සොයාගැනීමට නොහැකි වුණා.

“මට කතාකරන්න ඇත්තේ කවුද? ”

“ මේ නම් රිදී කදු දෙවගනම විය යුතුයි”
දිනයිලා සිතුවා.

දිනයිලා රිදී කදු ශිඛරය දෙසට ඇවිද ගියා. විශාල ඉතාමත් අලංකාර ජේඩි පාශාණයක් ඉදිරියේ තිබෙනු දිනයිලා දුටුවා. රිදී කදු ශිඛරයට නොගොස් දිනයිලා අලංකාර පාශාණය රැගෙන නැවත තම නිවසට ගියා. ඔහු එම පාශාණයෙන් අලංකාර කැටයමක් නිර්මාණය කළා.

ඉක්මනින්ම දිනයිලා නැවතත් තම නිර්මාණය ගැන දුක් වුණා. එහි කිසිම ස්වභාවික බවක් නොවන බව ඔහුට සිතුණා.
“මම කොතරම් හොදින් කැටයම් කලාව ඉගෙන ගත්තත් කිසිදාක පාශාණයක ඇති සැබෑ සුන්දරත්වය තේරැම් නොගනු ඇතැයි” සිතා කැටයම් කලාවට ඇති ආසාව අතහැර දැමුවා.

ඉන්පු ඔහු ඔහුගේ සුන්දර කාට්යාව විවාහ කරගන්නට සිතුවා. විවාහයට පෙර දින දිනයිලා රිදී කදු ශිඛරය පාමුල පිහිටි වනාන්තරයේ ඇවිදින්නට නැවතත් ගියා. වනාන්තරයේ ඇවිද යන දිනයිලා නැවතත් රිදී කදු ශිඛරයේ ඇති අරැම පුදුම පුෂ්පය ගැන සිතුවා.
සිතන්න සිතන්න එය දැකීමේ ආසාව නැවතත් දිනයිලාගේ සිතට ඇතුල් වුණා. හදිසියේම දිනයිලාට අමුත්තක් දැනුණා. රිදී කදු දෙවගන දිනයිලා ඉදිරියේ පෙනී සිටිනු දිනයිලා දුටුවා.



ඇය ඉතා සුරෑපීයි. රිදී පැහැ ඇයගේ කෙස් හිරැඑළියේ දියමන්ති මෙන් දිස් වුණා. රිදී කදු දෙවගන දුටු වහාම දිනයිලා තමාට රිදී කදු මුදුනේ ඇති අරැම පුදුම පුෂ්පය දකින්නට උවමනා බව පැවසුවා.

“ඔබට එය පෙන්විය හැකියි ”

“ දිනයිලා හොදින් සිතා බලන්න, ඔබ එය දුටුවහොත් ඔබ පසුතැවෙයි.”

“අරැම පුදුම පුෂ්පය දුටු හැම දෙනෙක්ම තමන්ගේ ආදරනීයයන් අමතක කර මා සමග රිදී කදු ශිඛරයේ ජීවත් වීමට එකග විය යුතුයි. ”

“දිනයිලා ඔබ ඔබේ ආදරණීය කාට්යා ගැන සිතන්න, ඔබේ ආදරණීය පියා පෝර්කෝවිචි ගැන සිතන්න.”



රිදී කදු දෙවගන එසේ කීවත් දිනයිලා තමාට අරැම පුදුම පුෂ්පය දකින්නට උවමනා බව කියා කෑගැහුවා!
රිදී කදු දෙවගන දිනයිලාට රිදී කදු මුදුනේ ශිඛරයක පිපුණු අරැම පුදුම පුෂ්පය වෙත ගෙන ගියා. දිනයිලා අරැම පුදුම පුෂ්පය සියැසින් දැකගත්තා.



හිරැ බැස ගිය පසු දිනයිලා නැවත ගෙදර ගියා. කාට්යාගේ දෙමාපියන් ඉතාමත් අලංකාර උත්සවයක් එදින පැවැත්වූවා. දිනයිලා සතුටු වුණා. ගී ගයමින් විනෝද වුණා. ඒත් ටික මොහොතකින් දිනයිලා කලකිරැණා. කාට්යා ආදරයෙන් දිනයිලා දුකින් සිටින්නේ ඇයි දැයි ඇසූවිට තමාට සනීප නැතැයි පවසා කාරණය වසන් කළා. එදා රෑ දිනයිලා තමා නිර්මාණය කළ කැටයම් පොලවේ ගසා කඩා දමා රිදී කදු ශිඛරයට පැන ගියා.

මුලු ගම්මානයම දිනයිලාගේ අතුරැදහන් වීම ගැන කතා කළා. ඒත් කවුරැත් ඔහුට කුමක් වුනා දැයි දැනගත්තේ නැහැ.
කාට්යා තනිවම ජීවත් වන්න තීරණය කළා. දිනයිලා ගැන සිතා ඇය දුක් වුණා. ටික කලකින් මහලු පෝර්කෝව්චි මියගියා. කාට්යාට ජීවත් වීමට මුදල් නොවූ නිසා ඇය කැටයම් නිර්මාණය කරන්නට පටන් ගත්තා.
කැටයම් නිර්මාණයට පිෂාණ සොයන්නට කාට්යා රිදී කදු ශිඛරය පාමුලට ගියා. ඇයට එහිදී ඉතා වට්නා පාෂාණයක් හමුවුණා. ඇය එයින් කැටයම් නිර්මාණය කළා. එයින් සෑදු කැටයම් ඉතාමත් සුන්දර වුණා.ඇය නිර්මාණය කළ රෝස මල් ඇත්තම මල් බව මිනිසුන් සිතුවා. ඇය එම කැටයම් විකුණා මුදල් ලබා ගත්තා. දිනයිලා ඇයට එම පාෂාණය සොයාගැනීමට උදව් කළ බව ඇය තරයේම සිතුවා.
ඇය තවත් දවසක පාශාන සොයා රිදී කදු පාමුලට ගියා. දිනයිලා මතක්වී ඇය දුකින් හඩා වැළපුණා.

“මගේ ආදරණීය දිනයිලා ඔබ කොයිද?”

“එන්න නැවත මා වෙත එන්න...”

කාට්යා දුකින් හැඩුවා.

කාට්යා එකවරම රිදීකදු ශිඛරය දෙසින් දිනයිලා ඇය දෙසට අත වනනු දුටුවා. ඇය ඔහු දෙසට දිව ගියා. ක්ෂණයකින් දිනයිලාගේ රැව කදු අතර නැවතත් සැගවී ගියා.

නිවසට පැමිණි කාට්යා තමා දුටු දේ නැගණියට පැවසුවා. ඒත් ඇය කාට්යාගේ වචන විශ්වාස කළේ නැහැ.
පසුවදා නැවතත් කාට්යා රිදී කදු ශිඛරයේ මුදුනටම දිනායිලා සොයමින් නැගගියා.

“දිනයිලා ඔබ කොහෙද? ”

කාට්යා කෑගැසුවා.
එකවරම රිදී කදු දෙවගන කාට්යා ඉදිරියට පැමිණියා.

‍“කෙල්ල! ඔබ මගේ උද්‍යානයට ඇතුල් වුණේ ඇයි? ඔබට පාෂාණ අවශ්යට නම් ඒවා රැගෙන ඉක්මනින්‍ පිට‍වෙන්න.”

කාට්යා රිදී කදු දෙවගනට බිය වුනේ නැහැ. ඇයට කෙසේ හෝ දිනයිලා බේරාගැනීමට අවශ්යා වුණා.

“මට ඔබේ කිසිම ජීවයක් නැති පාෂාණ වලින් ප්රයෝජනයක් නෑ.”

“මට මගේ දිනයිලාව ආපසු ලබා දෙන්න. ඔහුව බලෙන් තබාගන්න ඔබට අයිතියක් නෑ. ඔහු මේ කදුකරයේ ජීවත් වන්න කැමති නැහැ”

“කෙල්ල! ඔබ මා කවුද කියා දන්නවාද? ”

රිදී කදු දෙවගන සැරෙන් ඇසුවා.

“ දිනයිලා මගේ හොදම මිතුරා. ඔහුව මට ලබා දෙන්න”
කාට්යා හඩා වැටුණා.

“හොදෙයි, දිනයිලා ඔබ සමග නැවත ගමට යාමට කැමති දැයි අපි ඔහුගෙන්ම අසා දැනගමු.” රිදී කදු දෙවගන පැවසුවා.
ඒ සමගම දිනයිලා කාට්යා ඉදිරියේ පෙනී සිටියා.
දිනයිලා ඔබට කාට්යා සමග නැවත ඔබේ නගරයට යා හැකියි ඒත් ඔබ මෙහිදී ඉගෙනගත් සියලු දේ අමතක කළ යුතුයි. ඔබ රිදී කදු මුදුනේ රැදෙන්නට කැමති නම් කාට්යා අමතක කළ යුතුයි.

“ඉතින් ඔබ තෝරා ගන්නෙ කුමක්ද?”

දිනයිලා රිදී කදු දෙවගනගෙන් සමවෙ අයැද සිටියා. තමාට තමා ආදරය කරන මිනිසුන් අමතක කළ නොහැකි බවත් තමා කදු මුදුනේදී ඉගෙනගත් සියලු දේ අතගැර දැමීමට කැමති බවත් දිනයිලා පැවසුවා.

“හොදයි දිනයිලා ඔබට නැවත ඔබේ නිවසට යා හැකියි.”

“ඔබේ අවංක බවටත් කාට්යාගේ නිරිභීත කමටත් දෙන තෑග්ගක් ලෙස ඔබ මෙහි ඉගෙනගත් සියලු දේ ඔබ ළගම තියේවි.”

“ඒත් රිදී කදු මුදුන ගැන කිසිවක් ඔබ වෙන කිසිවෙකුව නොකිව යුතුයි.”

රහස ආරක්ෂා කරන්නට දිනයිලා රිදී කදු දෙවගනට පොරොන්දු වුණා.

කාට්යා සහ දිනයිලා සතුටින් තම නිවසට පැමිණියා. ඉන් පසු ඔවුන් දෙදෙනා බොහෝ කාලයක් සතුටින් ජීවත් වුණා.




රැසියානු සුරංගනා කතාවේ පරිවර්තනයකි.

පරතරය


ඔබ ඉරක් වූ
මේ අහසට,
මා සදක් වී
පලක් වෙද...?

ජීවිතය



උල් කටු
අග රැදුණු,
සීතල
පිනි බින්දුව...

ෆස්ට් ඉයර් ( First Year )



දැනුමයි දිනුමයි කාගෙත් හිත ඇත්තේ
බොහොම ටික දෙනයි නේ ඇතුළට එන්නේ
තහනං බව කඩ්ඩ අයියේ දන්නෑනේ
උත්තමයෝ මා නොමරා ඇරපං අනේ

කාමර එකයි, ඇදං නං අටයි
කාමර අටයි නං බං ටැප් එකයි
ටොයිලට් එකයි,බකට් එකයි, එක බංකුවයි
මොන පිස්සුද! හොස්ටල් සැපයි

සාය කලුයි බිමටම දිගයි ඒ නියතයි
හැට්ටෙ සුදුයි කොන්ඩේ කරල් දෙකයි
කොල්ලෙක් නං තටිටෙ ගෑම සම්මතයි
සෙරෙප්පු නං මල්ලී කලු රබර් තමයි

පිකට් පහයි, කැට විස්සයි උපවාසයයි
කළා උළෙල දැං නං වදයක්ම තමයි
පන්ති වර්ජනයි මහ රෑ පෝස්ටරයි
ඉගෙන ගත්ත අකුරක් වත් නැති ගානයි

රැග් නෑ කියල කිව්වනෙ මේ අවුරැද්දේ
මොකෑ මලේ මුං එහෙනං වද දෙන්නේ
අමිමප අතාරින්නයි දැං හිත දෙන්නේ
මකබෑවියං මා දුටු සරසවි සිහිනේ!

මටත් තැනක්


හිස් අහසයි තනි තරැවයි,
සොදුරැ සිතයි සිතුවිල්ලයි,
කලු සුදු ලොව පාට කරයි.

Taboo Subject,අරැණි අක්ක
ලියන යථාර්ථය කටුකයි,
පුංචි බබාගේ ලෝකය පුංචි නෑ ලොකුයි.

මාරයාගෙ හෝරාවේ,
වැම්පයර්ගෙ වවුල් රෑන,
වචන ටැක්සියේ නැගලා, නොයන තැනක් නැති ගානයි.

ගල් මල් අස්සේ පීනන,
ගෝල්ඩ් ෆිෂ්ව අල්ලගන්න,
බූන්දියක් දැම්මොත් නං වැ‍ඩේ ලේසි වෙයි.

අක්ෂර, කතන්දර, කොට ජීවිත අස්සේ
පුංචි කතන්දර,බිගු නද, හද ගී මැද්දේ
මගේ සටහනත් දවසක තැනක් ලබාවියි කියලා මට විස්වාසයි...