මටත් තැනක්


හිස් අහසයි තනි තරැවයි,
සොදුරැ සිතයි සිතුවිල්ලයි,
කලු සුදු ලොව පාට කරයි.

Taboo Subject,අරැණි අක්ක
ලියන යථාර්ථය කටුකයි,
පුංචි බබාගේ ලෝකය පුංචි නෑ ලොකුයි.

මාරයාගෙ හෝරාවේ,
වැම්පයර්ගෙ වවුල් රෑන,
වචන ටැක්සියේ නැගලා, නොයන තැනක් නැති ගානයි.

ගල් මල් අස්සේ පීනන,
ගෝල්ඩ් ෆිෂ්ව අල්ලගන්න,
බූන්දියක් දැම්මොත් නං වැ‍ඩේ ලේසි වෙයි.

අක්ෂර, කතන්දර, කොට ජීවිත අස්සේ
පුංචි කතන්දර,බිගු නද, හද ගී මැද්දේ
මගේ සටහනත් දවසක තැනක් ලබාවියි කියලා මට විස්වාසයි...

6 comments:

හිස් අහස said...

අනිවා ඔයාටත් තැනක් තියේවි සහෝදරී ඔයාගේ සටහන් කස්ටිය පොරකකා බලාවි . මුලින්ම බ්ලොග් එක ඔන්න ඔහොම සින්ඩි වලට දාලා . දුං වීසි වෙන්න ලියන්න . අපි එන්නම් බලල යන්න .

තවම සහෝදරී පටන් ගත්තා විතරනේ . බ්ලොග් ලියන කස්ටියම ඉන්නවා . මාරම ගති නිකම් පාටියක් වගේ . .. ලස්සනයි ආ..

සිංහල බ්ලොග් කියවනයටත් එකතු කරන්න .
http://blogs.sinhalabloggers.com/add-blog

ඉෂ් said...

වැඩේ නං ලේසි නෑ හැබැයි :)

ගල්මල්-Coral said...

බ්ලොග් සාගරයේ තවත් බ්ලොග් එකක් වෙනවා වෙනුවට තවත් එක් "විශේෂ බ්ලොග් එකක්" වෙන්න උත්සාහ ගන්න. අනිවාර්‍යයෙන්ම ඔබට තැන ලැබේවි. ඔබ තැබූ මුල් පියවරයන් සාර්ථක ගමනක ආරම්භය වේවා!

සුභ පැතුම් නැගනියේ.

ගල්මල් අඩවියේ "මගේ සටහන්" තැන ගත්තා.

ඉෂ් said...

බ්ලොග් සාගරයට අලුතෙන් එකතු වුණ මගේ සටහනට ලබා දෙන දිරිය ට ස්තූතියි ස්තූතියි ස්තූතියි!!!

සොඳුරු සිත said...

මා ගැනත් නිතරම සඳහන් කරන , අලුත් ලස්සන බ්ලොග් එකක් තියෙනවා කියල ආරංචියක් හම්බ වෙලයි මේ ආවේ....

ගල්මල් අයියට ස්තූථියි දැනුවත් කිරිමට...........

ඉෂ් said...

සිංහලෙන් බ්ලොග් ලියන්න ආපු මම ඉස් ඉස්සෙල්ලාම දැක්ක බ්ලොග් එක වත් අක්කගෙයි. ඉතිං කොහොම අමතක කරන්නද? ලසන්ත අයියට බොහොම ස්තූතියි විස්තරේ කීවට!!!

Post a Comment