ෆස්ට් ඉයර් ( First Year )



දැනුමයි දිනුමයි කාගෙත් හිත ඇත්තේ
බොහොම ටික දෙනයි නේ ඇතුළට එන්නේ
තහනං බව කඩ්ඩ අයියේ දන්නෑනේ
උත්තමයෝ මා නොමරා ඇරපං අනේ

කාමර එකයි, ඇදං නං අටයි
කාමර අටයි නං බං ටැප් එකයි
ටොයිලට් එකයි,බකට් එකයි, එක බංකුවයි
මොන පිස්සුද! හොස්ටල් සැපයි

සාය කලුයි බිමටම දිගයි ඒ නියතයි
හැට්ටෙ සුදුයි කොන්ඩේ කරල් දෙකයි
කොල්ලෙක් නං තටිටෙ ගෑම සම්මතයි
සෙරෙප්පු නං මල්ලී කලු රබර් තමයි

පිකට් පහයි, කැට විස්සයි උපවාසයයි
කළා උළෙල දැං නං වදයක්ම තමයි
පන්ති වර්ජනයි මහ රෑ පෝස්ටරයි
ඉගෙන ගත්ත අකුරක් වත් නැති ගානයි

රැග් නෑ කියල කිව්වනෙ මේ අවුරැද්දේ
මොකෑ මලේ මුං එහෙනං වද දෙන්නේ
අමිමප අතාරින්නයි දැං හිත දෙන්නේ
මකබෑවියං මා දුටු සරසවි සිහිනේ!

3 comments:

හිස් අහස said...

ඉතින් ඒ කටවල් වලින්ම කෑ ගහනවා පෞද්ගලික විශ්වවිද්‍යාල තහනම් කරපියවු කියලා ....

අදහසනම් මාර ගති .. මූනිච්චාවට කියනවා නෙවේ .. ලස්සන නිසා කීවේ . කැතයිනම් මම කමෙන්ට් කරන්නේ නෑ ..

ගල්මල්-Coral said...

කටුක ඇත්ත රසවත්ව ලියා තියෙන්නේ. ගමන දුෂ්කරයි. නැවතුමක් නැහැ, ආපසු හැරීමක් නැහැ. හැම බාධකයක්ම ජයගෙන ඉදිරියට යන්න වෙනවා. එහෙම නොවුනොත් නගේ ඔබ ලද වරමට පිටුපෑවා වගේම ඒ වරම අහිමිවූ බොහෝ අය හමුවේ වරදකාරියක් ද වෙනවා නේද?

මේ පොස්ට් දෙක බලන්න:

ජීවිත ගමන:
http://galmal.blogspot.com/2010/11/blog-post.html

දැණුමට පිය නඟන්න:
http://galmal.blogspot.com/2011/01/blog-post_13.html

ඉෂ් said...
This comment has been removed by the author.

Post a Comment