දියුණුවේ රහස.


එක් තරුණයෙක් සොක්රටීස් හමුවු මොහොතක දියුණු වීමේ රහස කුමක්දැයි කියාදෙන ලෙස ඔහුගෙන් ඉල්ලා සිටියා. සොක්රටීස් තරුණයාට හෙට ගංගාව ළගදී ඔහුව හමු වීමට පැමිනෙන්නැයි පැවසුවා.

පසුවදා තරුණයා ඔහු මුණගැසීමට පැමිණි විට තමා සමග ගගට බැසීමට පැමිනෙන්නැයි පැවසුවා. තරුණයාද සොක්රටීස් සමග ගගට බැස්සා.

දෙදෙනාගේම බෙල්ල ළගට පමණ වතුර මට්ටම ඉහළ නැගි වහාම සොක්රටීස් තරුණයාගේ හිස වතුර යටටම එබුවා. වතුරේ ගිලුණ තරුණයා හුස්ම ගැනීමට ගොඩ එන්නට දැගලුවා.

ශක්තියෙන් වැඩි සොක්රටීස් තරුණයාව තව තවත් වතුර යටටම එබුවා. තරුණයා තම මුලු ශක්තියම යොදවා වතුරෙන් ගොඩ ඒමට උත්සාහ ගත්තා. අවසානයේ ඔහු සොක්රටීස් ගේ ග්රහනයෙන් මිදුනා. ගොඩට ආ වහාම තරුණයා වැරෙන් හුස්ම ගැනීමට පටන් ගත්තා.

වතුර යටදී ඔබට වඩාත්ම අවශ්ය වූයේ කුමක්දැයි සොක්රටීස් තරුණයාගෙන් ඇසුවා. ගිලෙන මොහොතේ තමාට වැඩියෙන්ම උවමනා වූයේ හුස්ම ගැනීමට යැයි තරුණයා පැවසුවා.

දියුණු වීමටද අවශ්ය වන්නේ එය යැයි සොක්රටීස් පැවසුවා. වතුර යට ගිලෙන්නට යන මොහොතේ හුස්මගැනීමට තිබූ උවමනාව කොතරම්ද එතරම් උවමනාවක් සහ අධිෂ්ඨානයක් දියුණුවට ද අවශ්ය බව සොක්රටීස් පැවසුවා.

දියුණුවේ රහස එයයි!

8 comments:

හිස් අහස said...

ගොඩ කාලෙකින් නේද ? ..කොහෙද ගිහිං හිටියේ .

ඇත්ටම ඒක ආදර්ශමත් කතාවක් ..දියුනු වෙන්නනම් උවමනාවක් සහ අධිෂ්ඨානයක් අනිවාර්‍යයෙන්ම ඕන . මටනම් නැත්තෙම අන්න ඒ ටික ..

ඉෂ් said...

නිවාඩුවට ඇවිදින්න ගිය නිසා Blog එක ටිකකට අමතක වුණා.Blog එක ලිව්වෙ campus එකේ assessment එකකට =D අද මේක present කරන්න තියන නිසා තව ලිපියක් දාන්න හිතුනා.

Blog ලෝකෙ ලොක්කට පොඩ් ඈයො අමතක නෑ නේද? මට හරිම සතුටුයි!!!

google මාමගෙ දුව බලන්න මං ඊයෙත් ආව. ශ්රී සුබ මංගලම් සදරැ!!!

ගල්මල්-Coral said...

බොහෝම වටිනා ආදර්ශමත් කතාවක් අරන් ලියන්න පටන් ගත් එක ගැන සතුටුයි.

ප.ලි: පොස්ට් එකේ අකුරු ටිකක් ලොකු කරන්න, කියවන්න පහසු වේවි.

ඉෂ් said...

අවුරැදු ගැන ලියල තිබුණ පෝස්ට් එක හරිම සංවේදීයි. කමෙන්ටි කරේ නැති වුණාට මම ගල්මල් බලන්න හැමදාම එනවා. ස්තූතියි!

නදී... said...

ස්තූතියි ලිපියට.

සොඳුරු සිත said...

හ්ම්...

උවමනාව නැති නම් දියුණු වෙන්න බැහැ ද? ඇත්ත තමයි. ඒත් අපේ ගොඩක් අය හිතන් ඉන්නේ , බලන් ඉන්නේ දියුණුව තමන් ළඟට හොයා ගෙන එයි කියල. නැද්ද පැංචියේ..

සොඳුරු සිත said...

දියුණූ වෙන්න මහන්සි වෙන්න ඕනි තමයි. ඒත් අපේ ගොඩක් දෙනා හිතාන ඉන්නේ , දියුණුව තමන් ළඟට , තමන්ව හොයා ගෙන එයි කියල . නේද පැංචියේ...

ඉෂ් said...

වත් අක්කා ඔයා මගෙ පුංචි බ්ලොග් එක කියවන්න ආපු එක ගැන මට හරිම හරිම හරිම සතුටුයී!!!! දන්නවද, මේ බිලොග් එක හැදුවෙ assessment එකකට. මම ඉස්සර සිංහල බ්ලොග් ගැන කිසි දෙයක් දන්නෙ නෑ. කොහොමහරි සොදුරැ සිත හදල තියන හැටි බලලයි මේතරම් දුරක් ආවෙ. හිස් අහසත් අමතක කරොත් තරහවෙයි. මම පුලුවං හැම වෙලාවෙම සොදුරැ සිතට එනවා! අක්කට ජයෙන් ජය....

Post a Comment