"පුතා දැං ඇති"



හා හා පුරා කියල computer literacy subject එකේ දීපු පළවෙනි එසෙස්මන්ට් එක - මේ බ්ලොග් එක හදල present කරන එක අදින් මට ඉවරයි.

මමත් දැන් මාස ගැනක ඉදං වැඩේට බැහැලම වැඩ. බ්ලොග් එක හදන්න කියපු දා ඉදං ඉතිං හැම ලස්සන බ්ලොග් එකක්ම මම බැලුවා. බලල ඉතිං මට පුලුවං විදියට මගෙ බ්ලොග් එකත් දාන්න තියන හැම ගැජට් එකක්ම දාල ලස්සන කළා මට පුලුවං විදියට හැබැයි.ජනවාරි මාසෙ ඉදං බලං හිටපු දවස අද.

ඔන්න ඉතිං presentation පටං ගත්තා. එක එක්කෙනා දැං තම තමන්ගෙ බ්ලොග් එක ගැන කියනව.මගෙ අංකෙ රෙජිස්ටරේ අන්තිම හරියට නිසා දැං මට එපා වෙලත් එක්ක.

ඔන්න කොහොම කොහොම හරි මට කලිං ළමයත් එයාගෙ බ්ලොග් එක ගැන කීවා. මට දැං ටිකක් බයයි ඊළගට මම නෙ.මට කලිං ළමය එයාගෙ විස්තරේ කියන අතරතුරේ computer එක operate කරපු සර් අනිත් ටීචර් ල එක්ක ලොකු කතාවක්. පව් අර ළමයට දැං ටිකක් අප්සට් වගේ.ඔක්කොටම වඩා මට බයයි, ඇයි මම නෙ ඊළගට. කොහොම හරි දැං මගෙ වාරෙ. සර් තාම කතාවේ. ඊළග ලෙක්චර් එකට ළමයි ඇවිත්. ඒකයි ප්ර්ශ්නෙ.

මම දැං අවසර එහෙම අරං මේ වගේ වටින අදහසක් දුන්න එක ගැන එහෙම කියාගෙන එනකොට...

පුතා ප්රසන්ටේෂන් එක ඇති, දැං බ්ලොග් එක ටිකක් පෙන්නල යන්න...
අනිත් කීප දෙනා ආයෙ ලබන සතියෙ. දැං වෙලාව නෑ.


මාත් හිනාවෙලා ඉතිං ආව!
ළකුණු තිබ්බත් නැතත් බ්ලොග් එක හදන්න අදහස දුන් හැමදෙනාටම හැම සර්ටම ස්තූතිවන්ත වෙන්න ඕන.



මටත් වෙච්ච දෙයක් =D

5 comments:

කල්හාර දිසානායක said...

වෙලාව හොඳයි..........

ගල්මල්-Coral said...

ප්‍රසෙන්ටේෂන් එකක් දී ඇහුම්කන් දියයුතු අයගේ අවධානය ඒ සඳහා ලැබෙන්නේ නැතිකොට ඒ කාර්යය කරගෙන යන්න අමාරුයි. ඉදිරිපත් කරන අය හිතෙන් දුර්වල වෙනවා, පසු බසිනවා. ඒ තත්වයට මුහුණ දුන් ළමයා ගැන කණගාටුයි. ඒත් "මගේ සටහන්" සකස් කරලා තියෙනවා ඒකම දිණුමක් නේද?

ජීවිත ගමනේ දී නොයෙකුත් බාධක මතුවෙනවා. පමණක් ඒවා මග හැර යන්න පුලුවන් අතර බොහෝමයක් ගමනේ යෙදෙන්නාට වෙනස් කරන්න බැරි දේවල්. ඒවාට මුහුණ දී ඉදිරියට යා යුතු වෙනවා ජයකණුව කරා පිය මනින්නනම්. ජය!

ඉෂ් said...

To කල්හාර.......වෙලාව හොදයි කියන්නත් බෑ. මට ඕනවුණා මගෙ ප්රසන්ටේෂන් එක හොදම ප්රසන්ටේෂන් එක කරන්න.හැබැයි ඉතිං මට ලබන සතිය වෙනකං ආයෙ බලං ඉන්න ඕන නෑ, ඒක හොදයි.

To ගල්මල්........මගේ සටහන් නොතිබෙනිනට අද මම සිංහල බ්ලොග් ගැන,සිංහල බ්ලොග් ලියන අය ගැන නිකමට වත් දැනගන්න එකක් නෑ.ලසන්ත අයිය වගේ මිතුරැ මිතුරියන් දැන හදුනගන්න ලැබෙන්නෙත් නෑ.ගල්මල්,සොදුරැ සිත,හිස් අහස කියවන්න ලැබෙන්නෙත් නෑනෙ.

හිස් අහස said...

ඉදිරිපත් කිරීමක් කරන්න ගොඩක් උවමනාවෙන් සූදානම් වෙලා ආපු මොහොතක . තමන්ට ඇහුංකන් නොදෙන පිරිසක් ඉදිරියේ කෙනෙක් කොයිතරම් අපහසු තාවයකට ලක්වෙනවද කියලා අද්දැකීමෙන් මම දන්නවා ..

මම උගන්වන තැනදී මගෙන් ඉගන ගන්න පොඩි එවුං මම උගන්වපු ඒවගෙන් මටම වැඩ පෙන්වද්දී . මම ඒ දිහා බලාගෙන ඉන්නේ පුදුම සතුටකින් ..

සොඳුරු සිත said...

ප්‍රසන්ටේශන් තරමි මම අසරණ වෙන තවත් තැනක් නැති තරම්. මට නම් තියෙන්නෙ භාෂා ප්‍රශ්ණය, මම බොහෝ දුරට ප්‍රශන්ටේශන් මඟ අරින්න පුරුදු වුනේ ඒ නිසා ම වෙන්න ඇති....

Post a Comment